උපාලි අබේරත්න ප්‍රමුඛ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තමන්ට එරෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම්
නියෝගයක් නිකුත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ වහාම දේශපාලන පලිගැනීම් සඳහා ජනාධිපති කොමිෂන් සභාව පිහිටවූයේ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු, විවිධ වංචා දුෂණවලට හසුවී ඇති අයගේ අපරාධ චෝදනා ඉවත් කොට, මෙරට වංචාව දුෂණයට එරෙහිව හඬ නගන අය කොටු කර ගැනීම සඳහා බවයි මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ.
එම කොමිෂන් සභා වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ පුස් පිස්සු ලියවිල්ලක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.