ජනපති, අගමැති රූකඩ කරගෙන බැසිල් ගහන ගේම ගැන විජයදාසගෙන් දැඩි ප්‍රකාශයක් (VIDEO)

ජනාධිපතිවරයා මේ වන විට රූකඩයක් ගාණට වැටී ඇති බවත් එම රූකඩය නටවන කොරා බැසිල් රාජපක්ෂ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස

රාජපක්ෂ පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ බැසිල් රාජපක්ෂට හෝ මේ ආණ්ඩුවට තවදුරටත් රට කරවීමේ හැකියාවක් නැති බැවින් ජනතාව විසින් අලුත් බලවේගයක් ඇතිකර ගත යුතු බව යි.

එදා තමන්ද 20 වෙනි සංශෝධනයට අත එසවීම ගැන කම්පා වී සිටින අතර ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය තැබීමේ පාප කර්මය දැන් ගෙවමින් සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Search