හිඟාකාලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේ - හර්ෂ (VIDEO)

මෙරට තිබෙන ආර්ථක ප්‍රශ්නය විදේශ රටකින් ඩොලර් මිලියන 200ක් හෝ 300ක් හිඟාකමින් විසඳා ගත නොහැකි බව ආණ්ඩුව තේරුම්ගත යුතු යැයි සමගි ජන

බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

"2020 නොවැම්බර් මාසයේ මම මෙතන පැයක කතාවක් කළා. එහිදී කිව්වා මේ ආණ්ඩුව වැරදි දෙකක් කරනවා කියලා. එකක් තමයි මුදල් අච්චු ගහනවා. අනිත් එක තමයි ආනයන ආදේශන කර්මාන්තකරණ ව්‍යාපාරයකට රට ගෙනියනවා. ඒ දෙක අද කරන්න බෑ රටේ. එහෙම අද ලොකයේ රටවල් දියුණු වෙන්නේ නෑ. අපි ගෝලීය වෙළඳපොළක ජීවත් වෙන්නේ. වගකියක විපක්ෂයක් ලෙස අපි රජයෙන් ඉල්ලනවා මේ ගමන මෙහෙම යන්න බැහැ. ඔබලාට අපි කිව්වා ණය ටික ප්‍රතිව්‍යූහගත කරන්න ඩොලර් මිලිය 500 ගෙවන්න කලින් කියලා. ගෙවනවා කියලා ගෙව්වා. කරුණා කරලා දැන්වත් තේරුම් ගන්න අපේ රටේ තිබෙන ගැටලුව කාගෙන් හරි ඩොලර් මිලියන 200-300ක් හිඟාකාලා බේරගන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි."

Search