සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයට බිත්තර ගැසීම තමන් පිළිකුලෙන් යුතුව හෙලාදකින බවත් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර
විතානගේ පවසනවා.
අද (10) පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් කිරීමට තමන් පොලිසියට උපදෙස් දුන් බව යි.
එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක උපහාසයෙන් විමසා සිටියේ බිත්තර ගැසූ තැන සිටි මන්ත්‍රීවරයාම පරීක්ෂණ කිරීමට පොලිසියට උපදෙස් දෙන්නේ කෙසේදැයි යනුවෙනි.