පෞද්ගලික දත්ත ආරක්ෂක පනත ඔස්සේ ජනමාධ්‍ය යම් පාලනයකට ලක් කෙරෙන බවත් එයින් ජනමාධ්‍ය නිදහස ඇහිරෙන බවත් සමගි ජන බලවේග
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.
පෞද්ගලික දත්ත ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර විපක්ෂයේ විරෝධය හමුවේ අමාත්‍යවරයා කියා සිටියේ පනත හරහා මාධ්‍ය අයිතිවාසිකම් කප්පාදු නොකරන බවත් වගකීම් තහවුරු වන බවත් ය.
විවාදයට එක්වූ ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ දත්ත ආරක්ෂක අධිකාරියේ නියෝජිතයන් පත්කිරීමේ බලය අමාත්‍යවරයාට පමණක් පවරා තිබීම ගැටලුකාරී බවයි.