ආණ්ඩුව පොරොන්දු ආකාරයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්තාව මෙම සතියේ හෝ පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස එක්සත්
ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනවා.
එසේ ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ විවාදයකට හෝ සර්ව පාක්ෂික සමුලුවට පක්ෂවලට සූදානම් විය හැකි බවයි අද (9) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ.
මෙම වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුලුවක් කැඳවනු ඇති බවත්, එම සර්ව පාක්ෂික සමුලුවට පෙර අදාල වාර්තාව ලබා දීමට කටයුතු කරන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.