විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තමන් කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (8)
පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළේය.
උපාලි අබේරත්න ප්‍රමුඛ කොමිෂන් සභාවේ වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති බවත් එවැනි තත්වයක් මත, එම වාර්තාව පදනම් කරගෙන පිහිටවූ මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත මන්ත්‍රීවරුන් කැඳවීම අනවශ්‍ය දෙයක් බවත් හිටපු අග්‍රාමාත්‍යරයා මෙහිදී අවධාරණය කළේ ය.