"රනිල් වික්‍රමසිංහ තමයි දැන් අපේ ලොක්කා" බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (8) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.
යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සිටියදී එයට මැදහත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ඉල්ලා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඊට ඉඩ ලබාදුනහොත් අවස්ථාව දීමට හැකි බව අමාත්‍යවරයා එහිදී පවසන ලදී.
එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් “දැන් එයා කියන විදියටද වැඩ ?” යනුවෙන් ප්‍රශ්න කළ අතර ” එයා තමයි දැන් අපේ ලොක්කා” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේ ය.