විදුලිය ගැන මුලදිම දැනුම් දුන්නා - ජනකගෙන් දොස් (VIDEO)

විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට අවශ්‍ය විදේශ විනිමය නිකුත් නොකිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව

නඩු පැවරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හා මහා භාණ්ඩාගාරයෙන් කල ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ,

ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයන සදහා අවශ්‍ය විදේශ විනිමය ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණ ද එම උපදෙස්වලට අනුව අදාළ පාර්ශව ක්‍රියා කර ඇති බවක් නොපෙනෙන බවත් ඒ හේතුවෙන් ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරෙන විදුලි බලාගාර අක්‍රිය වී ඇති බවත් ජනක රත්නායක පැවසීය.

 

Search