ආණ්ඩුවේම සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු තමන්ට ප්‍රහාර එල්ල කළ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.
සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත් වී සිටින රාජ්‍ය අමාත්‍යවරයා එම තීරණය සම්බන්ධව අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේ ය.
"මගේ අමාත්‍යාංශයේ සිදුවෙච්ච සිද්ධියට අදත් ප්‍රතිප්‍රහාර දෙනවා නම්, මට දෙන්න පුළුවන් දරුණු වෙන්න. නමුත් මම ඒ තත්ත්වයට යන්නේ නෑ. මගේ ඡන්දදායකයෝ කිව්වෙත් ඒක.
ජනතාවට ජීවත්වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙද්දි අපේ ප්‍රශ්න ලොකු කරගෙන යන්න මට අවශ්‍ය වුණේ නෑ. ඒ නිසා මම අඩියක් පස්සට තියලා නිහඬ වුණා. නමුත් අපේම කණ්ඩායමේ සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු මට ප්‍රහාර එල්ල කරන්න ගත්තා.
''මිනිස්සුන්ට ජීවත්වෙන්න ඔක්සිජන් ඕනේ නෑ කියලා කියන කෙනෙක් එක්ක තර්කයකට යන්න එපා කියන එක තමයි මගේ ඡන්දදායකයෝ මට කිව්වේ."