තෙල්වලට මුදල් සොයාගැනීම අභියෝගයක් - උදය ගම්මන්පිල (VIDEO)

ඉන්ධන ආනයනය සඳහා මුදල් සොයා ගැනීම මේ මොහොතේ විශාල අභියෝගයක් වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

 

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉන්ධන සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අද (23) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ ය.

යුදමය වාතාවරණය නිසා ඉන්ධන බැරලයක මිල ඩොලර් සියයක් දක්වා ඉහළ නැග ඇතැයිද එම මිල මාර්තු වනවිට 115දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයිද පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ඉන්ධන සඳහා මුදල් සොයා ගැනීම අභියෝගයක් වී ඇති බැවින් ඉන්ධන ණයට ලබාගැනීමට රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා පවත්වාගෙන යන බවයි.

 

Search