ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කෙරෙන වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කර, රට ගොඩගැනීමේ වැඩපිළිවෙලක් හදන මෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රජයට බල කර සිටියි.
“රාජපක්ෂලාට අපි කියනවා ඔබලා මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගත්තා. දැන් යනඑන මං නෑ. නමුත්, ස්වාධීන ආර්ථික විද්‍යාඥයින් සහ විපක්ෂයේ අපි කියන දේවල් ඔබලා අහන්නවත් සූදානම් නෑ. මෙහෙම රටක් කරන්න බෑ. අපි ඔබලාට බල කරනවා, 25 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව ගැන වාර්තාව ඉදිරිපත් වූ විට වහාම එය ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව මේ රටේ ජනතාව බේරා ගැනීමට වැඩපිළිවෙලක් හදන්න කියලා,“ යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ය.