ජොන්ස්ටන් ජනපතිගේ නහය විදපු හැටි ජවිපෙ හෙළි කරයි (VIDEO)

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන අතර කොටස ඉදිකිරීම සඳහා කැඳවූ ටෙන්ඩරය හරහා රුපියල් කෝටි 16,000කට අධික මහා මූල්‍ය

මංකොල්ලයක් සිදු කිරීමට යන බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සංවිධානයක් පවසනවා.

මෙය වලක්වා නැවත ටෙන්ඩර් කැඳවන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා අධිකරණය හමුවට යාමටත්, අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කිරීමටත් කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බව යි 'දූෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කර අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙම වංචාව සිදුවන බව යි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

Search