ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභාව නම් කිරීමේ සමුළුව අවස්ථාවේ මැරයින් යොදවා එල්ල කළ බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව අද වනතුරු
කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැති බව එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරී මහින්ද ජයසිංහ චෝදනා කරනවා.
පොලිසියට බාරදුන් ප්‍රහාරකයින් නිදහස් කොට යවා ඇති බැවින් නීතිය ක්‍රියාත්මක වන බවට රටේ ජනතාවට ආණ්ඩුව ලබාදෙන පණිවිඩය මෙයදැයි ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පොලිස් අමාත්‍ය සරත් වීරසේකර ගෙන් ප්‍රශ්න කර සිටිනවා.