'මෛත්‍රී පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි' ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය ගැන විමර්ශන කරන්න CIDයට පැමිණිලි (VIDEO)

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුත්තක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත පියතුමන්

අද (17) උදෑසන පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය (CID) වෙතට පැමිණියේ ය.

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් පසුගිය වසරේ දෙසැම්බර් 10 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විශේෂ ඒකකයට කළ කැඳවීමකට අනුව අද එහි පැමිණි බවයි උන්වහන්සේ මාධ්‍ය හමුවේ කියා සිටියේ.

Search