රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ වගකීමෙන් පලා ගියහොත් තරුණ පරම්පරාව අපට සාප කරාවියි ගිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.
"අපේ රටේ තියෙන්නේ එක ජාතික සම්පතයි. ඒ ජාතික සම්පත තමයි තරුණ පරපුර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවනම් MILLENNIALS හා GEN Z. ඔය කණ්ඩායම ගැන අපි හිතන්න ඕනේ. ඒ අයට අනාගතයක් ඇතිකරන්න ඕනේ. දැන් විස්වාසය නැතිවෙලා තියෙන්නේ. ආණ්ඩුව පාර්ලිමේන්තුව ගැන විස්වාසය කඩවෙලා තියෙන්නේ ..
එහෙනම් ඒ අයට අනාගතයක් ඇතිකරන්න සැලැස්මක් තියෙන්න ඕනේ. අපිට කෙටිකාලින සැලැස්මකුත් ඕනේ. ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න මධ්‍යම කාලීනව දීර්ඝ කාලීන සැලැසුම් ඕනේ.. මේ සැලසුම් හදන්න අපිට එකඟවුණ එක ආර්ථික රටාවක් තියෙන්න ඕනේ.. අවුරුදු 10, 15, 20 ගෙනියන එක ඒ අපේ යුතුකම. එකෙන් අපිට පැනලා යන්න බැහැ..
අපි එතනින් පැනල ගියොත් මේ රටේ තරුණ තරුණියෝ අපිට සාප කරයි.. ' උඹ රටේ අනාගතයත් නැතිකළා අපේ අනාගතයත් නැතිකළා ' කියල අපිට බනී . ඒ නිසා අපිම ඒ වගකීම ඉෂ්ට කරන්න වුවමනායි."