රුපියල්වලින් ගෙවීම් සිදු කළොත් අවශ්‍ය ඉන්ධන ඕනෑම ප්‍රමාණයක් ලබාදීමට සූදානම් බව විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇතැයි අමාත්‍ය උදය ගම්මන්පිල
පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා ඉන්දියාව විසින් ලබාදුන් මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගයක් ඊයේ (15) දින කොළඹ වරායේ දී බාර ගැනීමේ අවස්ථාව එක්වෙමිනි.
ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් රැගෙන ආ මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල වෙත ලබාදුන් අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද මේ සදහා එක්විය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව විසින් ලබාදීමට නියමිත බවත් එම ණය මුදල සැකසෙන තුරු මෙම ඩීසල් තොගය ලබාදුන් බවත් අමාත්‍ය ගම්මන්පිල සඳහන් කළේ ය.