පාස්කු ප්‍රහාරයට අදාලව තමන් සිදු කළ ප්‍රකාශයකින් මහජන කැළඹීමක් ඇතිවුණු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ අධිකරණය
හමුවේ කරුණු වාර්තා කර තිබූ නමුත් ඊට අදාලව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොතිබුණු බව අද දින ඇප මත මුදා හැරුණු සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගත් බව ඊයේ (14) වාර්තා විය.
ෂෙහාන් මාලක ගමගේ පසුගිය වසරේ (2021) අගෝස්තු දාහත්වැනි දා මරදාන සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ගිහි පැවිදි කතෝලික නායකයන් හා එක්ව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු අතර ඉන්පසු අවස්ථා ගණනක දී ම ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්නකර තිබිණ.