'මා අතිශය කම්පාවට පත්වෙනවා' කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

සමාජ ක්‍රියාකරුවෙකු වන ශෙහාන් මාලක අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ දින හදිසියේම අත්අඩංගුවට ගැනීම තමන් හෙළා දකින බවත් රජය

ගෙන යන වැඩපිළිවෙල ගැන අතිශය කම්පාවට පත්වන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූ හ.

නීතිපතිවරයාගේ කාර්‍යභාරය වන්නේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම බව කියා සිටි කාදිනල් හිමියන් නීතිපතිවරයාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිසම් වාර්තාවල අවසන් නිර්දේශ ක්‍රියාත්මක කරගත නොහැකි නමුත් එම ප්‍රහාරයට යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගැනීම සිදු කෙරෙන බව මෙම මාධ්‍ය හමුවේදී චෝදනා කළහ.

 

 

Search