විමල් මාට්ටුකර දිනෙෂ් පනියි (VIDEO)

විරුද්ධ පක්ෂයේ සිටින අයව පවා එකතු කරගෙන ජාතික සම්මුතියක් ඇතිකරගත යුතු අවස්ථාවක ආණ්ඩු පක්ෂයේ සිටින අයව ඉවත් කිරීම සිදු නොකළ

යුත්තක් බව අමාත්‍ය විමල් විරවංශ පවසනවා.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් කළ ප්‍රශ්න කිරීමකදී, අපි දෙන්නෙක් කතා නොකළ යුතු බව පවසා එම ප්‍රශ්නය විමල් විරවංශ අමාත්‍යවරයාට යොමු කිරීමෙන් පසු අමාත්‍ය විමල් මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළේ ය.

රටේ මේ වන විට පවතින තත්වය ඇමැතිවරයකුගේ හෝ දෙදෙනෙකුගේ පෞද්ගලික අසමත්කමක් ලෙස දැකීම එතරම් නිවැරදි නොවන බවත් මේ තත්වය මීට වඩා පුළුල්ව දැකිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

Search