මේ රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය පමණයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය පමණයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මෙරට ලක්ෂ 220ක් ජනතාවට ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය බවත් අපේ රට එන්න එන්නම බරපතල අභියෝග රැසකට මුහුණ දෙමින් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පවතින අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කර නව ගිවිසුමක් ලබා ගන්නවා යැයි පැවසූ නමුත් ජනාධිපති වූ විගස මේ ගිවිසුම වෙනස් කළ නොහැකි බවට පවසන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඇති කර ගත් ගිවිසුමම ඉදිරියට ගෙන යමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි.එම්.එෆ් එකේ විස්තීරණ ණය පහසුකම් සිව්වැනි වාරිකය දුන්නේ නැත්තේ කොන්දේසි ඉටු නොකළ නිසා වුවත් පසුගිය දිනක සිව්වැනි වාරිකය දෙන බවට රජය කියන බවත් එයට හේතුව තෙල් මිල සහ විදුලි බිල වැඩි කළ නිසා බවත් ඒවා අයි.එම්.එෆ් කොන්දේසි බවත් ජනාධිපතිවරණ වේදිකාවේ අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරනවා කියූ වත්මන් ආණ්ඩුවේ දේශප්‍රේමීන් තම ප්‍රතිපත්තිම අමුඅමුවේ උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මිහින්තලේ ප්‍රදේශයේ ඡන්ද පොළ 120ක සංවිධායකවරුන් සඳහා පත්වීම් ලබා දීම වෙනුවෙන් එප්පාවල සුරංග රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ කාර්යාලයේ  දී පැවැති ජන හමුවක් අමතමිනි.*

විදුලි බිල 33%කින් අඩු කිරීම, තෙල් මිල අඩු කරන බවට පොරොන්දු දීම, වරායේ ගොඩබාන ගානට රටේ ජනතාවට තෙල් දෙනවා කිව්වත් අද එයට නොවූ බවත් තෙල් මත ඇති බදු බර කොමිස් මුදල් සියල්ල ඉවත් කරනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් අඩු කරනවා කියූ තෙල් මිල විදුලි බිල ආදී සියල්ල වැඩි කළ බවත් මොවුන් ජනතාවට වුණ පොරොන්දු සියල්ල කඩකර ඇති බවත් එම නිසා ජනතාවට වත්මන් රජය ගැන ඇති විශ්වාසය අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

*බත් කන නායකයා පිටරටින් හාල් ගෙන්වනවා*

පිටරටින් සහල් ගෙන්වන්නේ නැති බවට පම්පෝරි ගැසූ බවත් බත් කන නායකයා රටේ ජනාධිපති වූ පසු පිටරටින් හාල් ගෙන්වන්නේ නැති බවට වත්මන් රජය කියුවත් දැන් හාල් මෙටික් ටොන් 40000ක් ගෙන්වන බවත් ගොවියාට ගුණාත්මක පොහොර තෙල් නොලැබෙන බවත් දරාගත හැකි මිලකට පොහොර නොලැබෙනවා සේම බීජ ද නොලැබෙන බවත් වී සදහා සහතික මිලක්වත් නොමැති බවත් කෘෂි උපකරණවල මිල ද ඉහළ ගොස් ඇති බවත් මේවා ගොවියාට දරාගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*බොරුවයි මුසාවයි මුලාවයි විතරයි*

මොවුන් බොරුවෙන් විජ්ජාවෙන් මුලාවෙන් රට ගෙනියන බවත් 2028 වන විට නැවත වරක් විදේශ ණය ගෙවීමට සිදුවන බවත් ඒ සදහා 5%ක ආර්ථික වර්ධනයක් තබා ගත යුතු වුවත් මේ වසරේ අය 3.5%ක් සහ ලබන වසරේ එය 3.1%ක් ලෙස පුරෝකථනය කර ඇති බවත් සූරයෝ ජගතෝ යැයි කියූ වත්මන් රජයේ මැති ඇමතිවරු අයි.එම්.එෆ්. එකේ පදේට නටන්නේ නැති බව පැවසුවත් අන්තිමේ අයි.එම්.එෆ්. එකේ පදේට නටමින් රට තවත් ආර්ථික මර උගුලක් කරා ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*2028 ණය ගෙවන්න බැරි නම් බංකොලොත් වෙනවා*

2028 විදේශ ණය ගෙවන්න බැරි වුවහොත් දෙවැනි වතාවටත් බංකොලොත් වන බවත් මේ තත්ත්වය වළක්වා ගැනීම සදහා මේ අයි.එම්.එෆ්. ගිවිසුමේ වෙනසක් අවශ්‍ය බවත් විදේශ ණය ගෙවන වසර වෙනස් කර ගත යුතු බවත් එය 2033 කළ යුතු බවත් එය ලෙහෙසි කාර්යක් නොවන නමුත් මේ අමාරු දේවල් කරන්න නායකයන් පත් කර ගත්තා නිසා එය කිරීම වත්මන් රජයේ වගකීම බවත් වත්මන් රජයට නොහැකි වුවත් සමගි ජන බලවේගයට මේ ගිවිසුම වෙනස් කළ හැකි බවත් ජාත්‍යන්තර ආයතන කියන කියන පදයට නටන රූකඩ ආණ්ඩු තුළින් ගොවියාගේ ජනතාවගේ ගැටලු විසදෙන්නේ නැති බවත් එම නිසා කොන්ද පන ඇති ආණ්ඩුවක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ රජය රටේ ව්‍යවසායනයන්, තරුණයන් බොරුව තුළින් අතරමං කර ඇති බවත් නූතන ලෝකයේ ව්‍යවසායකයන් ලෙස ඉදිරියට යන්නට තරුණයන්ට මාර්ගයක් නොමැති බවත් තිබෙන මාර්ග ද අවහිර කරමින් යන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා අද අසරණ වී ඇති බවත් මේ තරුණයන් ව්‍යාපාරිකයන් වෙනුවෙන් රජයට වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Search