'අපි දේශපාලනේ අත පල්ලෙන් වැටිලා නැහැ' - සුසිල් කියයි (VIDEO)

තමන් දේශපාලනයේ අතපල්ලෙන් වැටිලා නැති බවත් ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කිරීම තමාගේ ඉදිරි දේශපාලන අනාගතයට ආශිර්වාදයක් බවත්

අද (4) දින රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අද (04) උදෑසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

"අනිවාර්යෙන් ම. මම දේශපාලනයෙන් අතපල්ලේ වැටිලා නෑනේ. කොට්ටේ නගරසභාවෙන් මම පටන්ගත්තේ 91 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. සන්ධානේ ලේකම් හැටියට අවුරුදු 11ක් ඉඳලා තියෙනවා. ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම සන්ධානය මෙහෙයවලා තියෙනවා. මැතිවරණ කිහිපයක්ම දිනවලා දිලා තියෙනවා. දේශපාලන ඉතිහාසයක් තියෙනවා.

මං සම්බන්ධයෙන් ගන්නා තීන්දුවට වඩා ආණ්ඩුව ගත්ත වෙනත් තීන්දු සම්බන්ධයෙන් තමා සලකා බලන්න වෙන්නේ. රටේ ජනතාවට අවුරුදු 5කට සැරයක් ජනතාවට අවස්ථාව ලැබෙනවා මේ සියලු දේවල් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. එතකොට අපි බලමු ගන්න තීන්දුව මොකක්ද කියලා"

Search