ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සූදානමක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
ජනාධිපතිවරයා ඉකුත් දිනක කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ තමා මෙන්ම උදය ගම්මන්පිල, විමල් විරවංශ අමාත්‍යවරුන්ට ද ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු අදහසක් නැති බවයි.
“අපි එතුමාණන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමා දාලා කවදාවත් යන්න අදහසක් නෑ. අපි එතුමා සමඟ මේ ගමන යන්නයි අදහස. හැබැයි අපි දකිනකොට යමක… අඩුපාඩුවක් නෙවෙයි. ඕන තරම් අඩුපාඩු තියෙනවා ඕවා ඉතින් අමතක කරලා යන්නත් පුළුවන්. අපිට පේනකොට අපේ රටේ අනාගතයට මහා හානිදායක බලපෑමක් ඇති කරන කරුණක් අපි ඒක මතු කරගන්නවා."