යෝජනාවට ස්තූතියි, ඒත් පක්ෂ අතර සන්ධානවලට අපි නෑ ! (VIDEO)

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට, නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ යෝජනාවට ස්තූතිය පුද කර සිටින නමුත් පක්ෂ පක්ෂ අතර සන්ධාන ගත

වීමකට ජනතා විමුක්ති පෙරමුණේ සූදානම් නැති බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පෙරේදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා මේ බව අවධාරණය කළේය.

කෙසේ නමුත් වෙනත් පක්ෂවල දුෂිතයින් නොවන පුද්ගලයින් ඒකරාශිකර ගනිමින් නව ගමනකට සුදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Search