මාස දෙකකට ඇති වෙන්න තෙල් සංචිත කරලා තියෙනවා කියලා අපි කිව්වෙත් නෑ ! අපි දන්නෙත් නෑ ! සිපෙට්කො සභාපතිගේන් හතර බීරි කතාවක්

මාස දෙකකට ඇති වෙන්න තෙල් සංචිත කරලා තියෙනවා කියලා අපි කිව්වෙත් නෑ ! අපි දන්නෙත් නෑ ! සිපෙට්කො සභාපතිගේන් හතර බීරි කතාවක්

මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන මෙරට ගබඩා කර තිබූ බවක් තමා හෝ මාලිමා ආණ්ඩුව ප්‍රකාශ නොකළ බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පැවසීය.

මාස දෙකකට මෙරටට ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇනවුම්කර සහතික කර තිබූ බව මීට ඉහතදී තමන් ප්‍රකාශ කළ බවත් එම ඉන්ධන ගොඩබා ටැංකිවල ගබඩාකර තිබෙන බවක් ප්‍රකාශ නොකළ බව ඒ මහතා පවසයි.

මැද පෙරදිග පැවති යුද්ධය හේතුවෙන් මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමට රජය මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ගබඩා කර තිබෙන බවටත් ඊට අමතරව දෙසැම්බර් මාසය දක්වා ඇණවුම් කර ඇති බවටත් බලශක්ති ඇමතිවරයා ප්‍රමුඛ ඛනිජතෙල් සංස්ථාවේ වගකිවයුතු නිලධාරීන් මීට ඉහතදී මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් ඉන්ධන මිල වැඩිකිරීමත් සමඟ මොවුන්ගේ මෙම ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්න සහගත තත්ත්වයක් මතු විය. එලෙස ඉන්ධන ගබඩා කර සහ ඇණවුම්කර තිබුණේ නම් හදිසියේම ඉන්ධන මිල වැඩි කළේ කෙසේද යන්න පිළිබඳව මාධ්‍ය දිගින් දිගටම ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.

මෙම ප්‍රශ්න කිරීම් හමුවේ බොරුව හෙළිවීමත් සමග ඔවුන් කළ ඒ ප්‍රකාශවලින් ඔවුන් අදහස් කළේ කුමක්ද යන්න පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා ඊයේ ( 01) මාධ්‍යයට කරුණු දක්වමින් ප්‍රකාශයක් කළේය.

” මාස දෙකකට තෙල් ගබඩා කර තිබුණේ නම් කොහොමද තෙල් මිල වැඩි වුනේ කියා සමාජ මාධ්‍ය ප්‍රශ්න කර තිබෙනවා නමුත් මාස දෙකකට තෙල් ගබඩා කර තිබෙනවා කියලා නෙවෙයි ඒ වෙලාවේ කිව්වේ අපි කිව්වේ මාස දෙකකට ප්‍රමාණවත් තෙල් ඇනවුම්කර සහතික කර තිබෙන බව මිසක් ඒවා ගොඩ බාලා ටැංකිවල තිබෙන බව නොවෙයි.

ඒ අවස්ථාවේ යම් ප්‍රමාණයක් ටැංකිවල තිබුණා යම් ප්‍රමාණයක් ගොඩ බාමින් තිබුණා යම් ප්‍රමාණයක් මුහුදේ එමින් තිබුණා. ඒ අනුව මාස දෙකක් යනකම් රටේ තෙල් නැති වෙන්නේ නැහැ. කියන එක තමයි අපිව්වේ.

ගොඩ බාන වෙලාවේ ලෝක වෙළඳ පොලේ පවතින මිල අනුව තමයි ඊළඟ මාසයේ තෙල් මිල තීරණය වන්නේ ඒ අනුව එයින් කියවෙන්නේ නෑ මාස දෙකකට ප්‍රමාණවත් තෙල් ගබඩා කර තිබුනා කියලා.

තෙල් සංස්ථාව මිල වෙනස් කිරීමේදී අපට සම්බන්ධ තවත් සමාගම් කිහිපයක් තිබෙනවා ඒ සියල්ල සැලකිල්ලට ගෙන තමයි මිල තීරණය කරන්නේ.” යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය

Search