වෛරී ප්‍රකාශ පාලනය අනිවාර්යයි - ආචාර්ය ජෙහාන් පෙරේරා (VIDEO)

වෛරී ප්‍රකාශ පාලනය අනිවාර්යයි - ආචාර්ය ජෙහාන් පෙරේරා (VIDEO)

වෛරී ප්‍රකාශ පාලනය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බවත් ඒවා පාලනයේ දී අධිකරණවලට වැඩි බලයක් ලබා දිය යුතු බවත් ශ්‍රී ලංකා ජාතික සාම

මණ්ඩලයේ විශ්ලේෂක ආචාර්ය ජෙහාන් පෙරේරා ප්‍රකාශ කරනවා.

"පාලනය කරනකොට උසාවි වලට තමයි වැඩිපුර බලය දෙන්න ඕන. දරුණු ලෙස නෙවෙයි. දැන් තියෙන නීතිය තමයි කෙනෙක් වෛර කතාවක් කරා කියලා, මේ පනත යටතේ හිර භාරයට ගන්නවා ඇප නැතුව. ඒක බොහොම නරකයි. සම්පූර්ණයෙන්ම උසාවියට ඉඩ දෙන්න ඕන. උසාවියට ඕන නම් ඔහුට ඇප දෙන්න පුලුවන් වෙන්න ඕන. ඒ වගේම ඒ කෙනාට බොරු චෝදනා දැම්මොත් උසාවිය බොරු චෝදනා දාන අයට විරුද්ධව ක්‍රියාකරන්න ඕන. ඒ වගේ ක්‍රමයක් තමයි හොඳ, උසාවියට බලය දෙන එක. වෛරී කතා, බොරු දේවල් ඉන්ටර් නෙට් එකේ යන ඒවා නවත්වන්න ඕන. නමුත් ඒක කල යුත්තේ රජයේ දේශපාලන අත නෙවෙයි, රජයේ ස්වාධීන අත අපිට තියෙන ස්වාධීන අත තමයි උසාවිය."

 

 

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ගැන ද ආචාර්ය ජෙහාන් පෙරේරා එහිදී අදහස් පළ කර සිටියේ ය.

"මේකෙන් කරන්නේ රජය නැත්නම් Attoreny General Department එක නීතිපති දෙපාර්තමේන්තුව කියනවා නම් ජාත්‍යන්තර සම්මුතියට විරුද්ධව, ඒ නීතියට විරුද්ධව කතා කරා කියලා, එහෙනම් ඒ පුද්ගලයාව ඇප නැතුව හිරේ දාන්න පුළුවන්. එක ඉතාමත්ම දරුණු දෙයක්. ඇප නැතුව මනුස්සයෙක්ව හිරේ දාන එක හරිම නරක දෙයක්. ඒ මනුස්සයාට උසාවියටවත් යන්න බැහැ. උසාවියට ගියත් උසාවියෙන් කියයි කේස් ඉවරවෙනකන් ඇප දෙන්න බැහැ කියලා. ආණ්ඩුවට පුළුවන් අවශ්‍යනම්, මනුස්සයෙක් කියමුකෝ ආණ්ඩුවට විරුද්ධව විවේචනය කරනවා. ආණ්ඩුවේ වැරදි විවේචනය කරනවා. එතකොට ආණ්ඩුවට කියන්න පුළුවන් වෛරී කතාවක් මෙතන සිද්ධ වුණේ කියලා අපි එයාව හිරේ දාන්න ඕන කියලා. ඒ පනත යටතේ ඔහුට චෝදනා එල්ල කරනවා. ඒ පනත යටතේ චෝදනා එල්ල කරොත් උසාවියට කරන්න දෙයක් නැහැ. උසාවිය එයාව හිරභාරයේ තියන්න නියෝග දෙනවා කේස් එක ඉවර වෙනකන්. මේක නිදහසේ කතා කිරීමට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය උල්ලංඝනය කරන දරුණු විරෝධයක් වෙනවා."

"අපි අපේ ජනතාවට වැඩිපුර දැනුමක් දෙන්න ඕන. හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන විශේෂයෙන් හැඟීම්බර දේවල් ගැන. කතාකරනකොට අපේ යුතුකමක් තියෙනවා දෙපැත්ත ගැනම ජනතාවට කියා දෙන්න. මේ බොරු වෛරී ප්‍රකාශ ගැන ජනතාවට කියලා දෙන්න. මට කියන්න තියෙන්නේ බොරු දෙවල්වලට මුලා වෙන්න එපා කියලා. මේක තමයි මට දෙන්න තියෙන පනිවිඩය."

Search