කොච්චර දක්ෂ වුණත් සහයෝගය නැතිව සාර්ථක වෙන්න බැහැ - ජනාධිපති (VIDEO)

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගය බවත් සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය

නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඊයේ (19) පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් වන අතර පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව යි ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ.

 

 

Search