ගෑස් ප්‍රශ්නයට ගෑස් සමාගම් සභාපතිවරුන් සහ සමාගම් නිලධාරීන් ජනතාවට වහාම පිලිතුරු දිය යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
ගෑස් සභාපතිවරයා දුරකතනයෙන් පවා සම්බන්ධ කර ගැනීමට බැරි තත්වයක් උද්ගත වී ඇති බවත් ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර ජනතාවට පිළිතුරු ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියේ වේරහැර පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.
“ගෑස් ප්‍රශ්නයට ගෑස් සමාගම් සභාපතිවරුන් සමාගම් නිලධාරීන් ජනතාවට වහාම පිළිතුරු දිය යුතුයි. මම මාධ්‍යයෙන් දැක්ක සභාපතිවරයෙක්ව දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බැරි උන හැටි. හැංගිලා ඉන්න දෙයක් නෑ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර ජනතාවට පිලිතුරු දෙන්න. ඒ වගේම ඔවුන් මෙහෙම ගෑස් ප්‍රශ්නයට වහාම විසදුම් ලබා දිය යුතුයි. මම දැක්ක එක සභාපතිවරයෙක් වංචා හා දූෂණ ගැන කථා කරනවා. හැබැයි ගෑස් ප්‍රශ්න එනකොට හැංගිලා. ජනාධිපතිවරයා තනතුරු දීලා තියෙන්නෙ හැංගිලා ඉන්න නෙවෙයි. ප්‍රශ්න නැති වෙලාවල්වල වීරයෝ වෙන්න වොයිස්කට් දෙන එක නෙවෙයි කරන්න ඕනෙ ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දීලා විසදුම් දෙන එක. ආණ්ඩුව හා ජනතා අපහසුතාවයට පත් නොකර.”