බාර නොගත් චීන පොහොර නැවට සත පහක හෝ මුදලක් නොගෙවිය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
මෙරට මුදල් හිඟයක්, ආහාර හිඟයක් ආර්ථික අර්බුදයක් ඇති මෙවන් අවස්ථාවක ජනතාවගේ මුදල් ගෙවනවාට තමන් දැඩි සේ විරුද්ධ බවයි ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ.
පොහොර නැව ගෙන්වීමට මුල් වූ අයට දඬුවම් ලබාදිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.