දේශපාලන මැදිහත් වීමක් කර ජාතිවාදය වහාම ඉවත්කළ යුතුයි - දීප්ති කුමාර ගුණරත්න

මෙරට රාජ්‍ය සංස්ථාපිතයෙන් වහාම ජාතිවාදය ඉවත් කිරීම උදෙසා දේශපාලන මැදිහත් වීමක් සිදුවිය යුතු බව 'සමබිම' පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න

කියා සිටිනවා.

"ඔය හාමුදුරුවෝ වගේ පිරිසක් අපි දන්නවා ඔය අලුත්ගම සිද්ධිය පවා ඒගොල්ලෝ බය නැතුව ජාතිවාදය ගැන කතා කරා. වෙනද ලැජ්ජයිනේ ජාතිවාදය ගැන කතා කරන්න. දැන් බය නැතුව ජාතිවාදය ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ නිසා මොකද වුණේ මුළු රට තුළම අර වෛරී භාෂාව, පුද්ගලික මට්ටමේ තියෙන එක ජාතික තලයට ඇවිල්ලා ඒක ඊට පස්සේ විදග්ඥ දේශපාලනයට ඇවිල්ලා, රාජ්‍ය ව්‍යූහයට ආවා. ඒකෙන් ඉතාම භයානක තත්වයක් ඇති වුණා. හැබැයි මේක අපිට 2005 දී වෙනස් කරන්න තිබුණා. ඒ කියන්නේ ලංකාවේ ලිබරල් දේශපාලඥයෝ හිතනවා මේ අනන්‍යතා දේශපාලනයේ සියලු දෙනා ඉන්න ඕන කියලා."

"අපේ රටේ මේ වෛරී භාෂාව කියන එක අර විචාරයත් එක්ක පටලවා ගන්නවා. විචාරය කියන්නේ එකක් වෛරී භාෂාව කියන්නේ එකක්. නමුත් අපි විරුද්ධයි ඒ වෛරී භාෂාවට. විශේෂයෙන් සුළු ජාතීන්ට විරුද්ධව කරන වෛරී භාෂාව, ස්ත්‍රීන්ට විරුද්ධව කරන වෛරී භාෂාව, සම ලිංගිකයන්ට, සංක්‍රාන්ති ලිංගිකයන්ට කරන වෛරී භාෂාව ඇත්තටම තහනම් කළ යුතු දෙයක්. ඒක සමාජයෙන් අයින් කරන්න ඕන ලැජ්ජාවට පත් කළ යුතු දෙයක් විදිහට."

"අපි කළ යුතු දේ තමයි අනාගතයේදී මිනිසාගේ ජාගර සිත ඉස්සරහට එන්න නොදෙන්න නම් අපි නව සම්මුතියක් ශ්‍රී ලංකාව සඳහා හදාගන්න ඕනේ. ඒ නව සම්මුතිය හරහා අපිට පුළුවන් නැවතත් සියලුම ජාතීන් එක්ක, සියලුම මිනිස්සු එක්ක එකට එකතුවෙලා සාමයෙන් ජීවත් වීමේ අභිලාෂයක් මේ හරහා අපිට අනාගතයේ ඇති කරගන්න."

 

 

 

Search