සමස්ථ රටම, සමස්ථ ජනතාවම රැවටීමේ ක්‍රියාවලියකට රජය යොමු වී ඇති ද යන බරපතල සැකය අපි හමුවේ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
පවසනවා.
පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ එකොළහක් විසින් සංවිධාන කරන ලද මහජන මන්ත්‍රණ සභාව සම්මන්ත්‍රණය අමතමින් ඊයේ (14 ) ඔහු මේ බව කියා සිටියේ ය.
දේශපාලන ක්ෂේත්‍රයට යොමුවූයේ මව්බිම වෙනුවෙන් අවංකව බවත් යම් තනතුරක් ගත්තේ ද අවංකව බවත් එකී අවංකත්වය පාවා දීමට මොහොතකට හෝ සූදානම් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.