වත්මන් ආණ්ඩුව පත් වූ දා සිට නීතිපතිවරයාට බලපෑමක් කළ බවට ඔප්පු කළ හොත් කලිසම ගලවා ගෙදර යන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ
එම්.යූ.එම්. අලි සබ්‍රි ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අධිකරණ අමාත්‍යාංශය, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශයන්හි කාරක සභා වැය ශීර්ෂයට අදාළ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා කියා සිටියේ යහපාලන ආණ්ඩුව කළා මෙන් නඩුවක් දිනන්න හෝ පැරදීමට වත්මන් ආණ්ඩුව ඇඟිලි නොගසන බව යි.
"නීතිපතිවරයා ප්‍රථමවතාවට නඩුවක් ඉල්ලා අස් කරනවා වගේ තමයි අද විපක්ෂය හැසිරෙන්නේ. 19 වැනි සංශෝධනය තිබෙන විට තමයි දූෂණ මර්දන කමිටුවක් පිහිටුවා ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට එකතු කර ගත්තා. යහපාලනය එෆ්.සී.අයි.ඩී. පොලිසිය හදා ගත්තා. පොලිස් ආඥා පනතට පටහැණියි එය. තෝරගත් නිලධාරීන් ටිකක් ඊට දාගත්තා. අරලිය ගහ මන්දිරයේ සිට නඩු තෝරා මේ නිලධාරීන්ට දෙනවා. එහෙමයි යහපාලනයෙන් නීතිය කෙලෙසීම පටන් ගත්තේ. දිනෙන් දින නඩු අහන්න වෙනම පනතක් ගත්තා. පළමු, දෙවැනි නඩුවලට මම පෙනී සිටියා. අපට කිසිදු බුරුලක් දුන්නේ නැහැ. එක නඩුවක් ජනධිපතිවරයාට විරුද්ධ නඩුවක්. අනෙක ගාමිණී සෙනරත් ඇතුළු පස් දෙනකුට විරුද්ධ නඩුව. අපට විරුද්ධ පක්ෂයේ සිටියේ දිලීප පීරිස් මහතා. ගාමිණී සෙනරත් මහතාට විරුද්ධ නඩුව කරුණු 36ක් යටතේ දමා තිබුණා. දින 58 නඩුව ගත්තා. ඒ නඩුව යහපාලනයේදීම නිදොස් කොට නිදහස් කළා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නඩුව දිනපතා ඇසුවා. පසුව නිදොස් කොට නිදහස් කළා. බොරු නඩු දැම්මාම එහෙම තමා වෙන්නේ. නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ මහත්වරුන්ට එරහෙිව නඩු දැම්ම. මේ ආණ්ඩුව බාරගත් දා සිට කිසිදවසක නීතිපතිවරයාට බලපෑම් කළේ නැහැ අපි. එහෙම කළා කියලා ඔප්පු කළොත් කලිසම ගලවලා ගෙදර යනවා."