පොහොර ගැසට්ටුව රිවස් : අපි ජනතා සංවේදී ආණ්ඩුවක් - මහින්දානන්ද (VIDEO) 

පොහොර ගැසට්ටුව රිවස්  : අපි ජනතා සංවේදී ආණ්ඩුවක් - මහින්දානන්ද (VIDEO) 

රසායනික පොහොර, පලිබෝධනාශක, දිලීර නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

පැවසීය.

ඒ අනුව, මීට අදාළව 2021 අප්‍රේල් මාසයේ 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) දිනයේ සිට ඉවත් කෙරනු ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

රසායනික පොහොර, පලිබෝධනාශක, දිලීර නාශක සහ වල් නාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන නමුත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුනොවන බවත් ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස මෙම පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

 

Search