කින්නියා පාලම් පාරුවේ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉම්රාන් මහරූෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාවූ කින්නියා
නගර සභාපතිවරයා බවත් එම තනතුරෙන් ඉවත් කර ඔහුට විරුද්ධව විනයානුකූලව පියවර ගන්නා ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් කරන බවත් මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ප්‍රකාශ කරනවා.
ඔහු මෙසේ පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි.