කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවට සහභාගී වීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණෙමින් සිටි පාක්ෂිකයන්ට පොලිසිය විසින් සිදු කළ
බාධාකිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (17) පාර්ලිමේන්තු සභාගර්භයේදී විරෝධතාවක නිරත විය.
පොලීසිය විසින් ඊයේ (16) දින සිදුකළ එම ක්‍රියාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු සෘජුව විරෝධය එල්ල කළේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වෙතය.