‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ නමින් සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහභාගී වීම සඳහා
කොළඹට පැමිණෙමින් සිටි සමගි ජන බලවේගයේ කණ්ඩායම් වැළැක්වීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එසේ වැලිගම සිට කොළඹට පැමිණීම උත්සහ කළ කණ්ඩායමක් වැලක්වීමට පොලිසිය උත්සහ කළ අවස්ථාවේ දී සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය.