බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් නමැත්තා හමුවූ බව ඔහුගේ බිරිඳ වන ෆාතිමා සාදියා නැමැත්තිය කිසිවිටකත් ප්‍රකාශ කර නැතැයි මහජන ආරක්ෂක
අමාත්‍ය සරත් වීරසේකර ඇයගේ කට උත්තරය සභාගත කරමින් අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් හමුවූ බවට ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇතැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පැවසූ අමාත්‍යවරයා වරප්‍රසාදවලට මුවාවී මැතිසබයේදී කළ එම ප්‍රකාශය පිටතදී කර පෙන්වන්නැයි ඒ මන්ත්‍රීවරයාට අභියෝගයක් කරන බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ප්‍රකාශය යටතේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.