උඩවලව ජාතික වනෝද්‍යානයේ පනහඩුව ප්‍රදේශයේදී අවුරුදු හතක් පමණ වයසැති වන අලියකු කකුල් ලණුවලින් බැඳ සොරකම් කිරීමට දැරූ උත්සාහය
වැළක්වූ උද්‍යාන බාරකාර රණතුංග ඇතුළු වනජීවී නිලධාරින් සහ දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ට තමන් ස්තූතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මහාපරිමාණ අලි හොරකමක පෙර නිමිති අද මතුව ඇති බවත් අලි හොරකම් නැවැත්වීමට වහාම නව නීති සම්පාදනය කළ යුතු බවත් ප්‍රකාශ කළ විපක්ෂ නායකයා වැඩි දුරටත් කියා සිටියේ වනයෙන් සොරාගත් අලි ඇතුන් පින්නවලට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.