මහජන ආරක්ෂක ඇමති මඤ්ඤං කෙලිද්දී රටට කුමක් වේද? අනුරගෙන් සරත්ට ප්‍රහාරයක් (VIDEO)

එක රටක් එක නීතියක් ජනාධ්පති කාර්ය සාධක බලකාය පත් කිරීම ජනතාව අතර සම්මුතිය එන දිසාවකට යොමු කරනවා වෙනුවට ජනතාව වෙන් කිරීමේ

දිසාවකට යොමු කිරීමට ගන්නා ලද පියවරක් ද යන්න ගැටළු සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අග්‍රාමාත්‍යවරයාගෙන් බලාපොරොත්තු වන බව අද (10) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර නැගිට කියා සිටියේ ජනාධ්පති කාර්ය සාධක බලකායට පත් කළ පුද්ගලයින්ගේ සුදුසුකම් සොයා නොබලා ජනාධිපතිවරයාට අදාළ කාර්ය කිරීමට ඉඩ දෙන ලෙස යි.

එම වීඩියෝව පහතින්,

 

Search