ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සිදුකළ ප්‍රකාශයක්
සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
කෘෂිකර්ම අමාත්‍යංශය ඉන්දුයාවෙන් යූරියා නැනෝ පොහොර ආනයනය කර ඇති බවත් පොහොර ලීටරයක් ඩොලර් 5ක් වන නමුත් එක පොහොර ලීටරයකින් ඩොලර් 20ක් වංචා කර ඇති බවත් ඊට කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවත් කියමින් ඉකුත් සිකුරාදා මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී පාඨලී චම්පික මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ.