පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් තිබේ නම් ඒ පිළිබඳව අප සියලු දෙනා දැනුවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්
ෆොන්සේකා පවසනවා.
පාර්ලිමේන්තුව තුලට පිවිසීමේ දී ශරීර පරික්ෂාවට ලක් කිරීම මින් ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බවට පාර්ලිමේන්තු කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයක් ගැන විමසමින් අද (8) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ ය.