සිරිල් ගාමිණි පියතුමාට අත නොතබනු : අලුත් කඩේ උසාවිය ඉදිරිපිට විරෝධයක් (VIDEO)

සිරිල් ගාමිණි පියතුමාට අත නොතබනු : අලුත් කඩේ උසාවිය ඉදිරිපිට විරෝධයක් (VIDEO)

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ කළ පැමිණිල්ලකට‍ අනුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුවේ(CID) අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රෝහන්ත අබේසූරිය අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට දරණ උත්සාහය වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවු අවස්ථාවේදී ය.

අධිකරණයට ගොස් සිටින සිරිල් ගාමිණී පියතුමන්ට සහාය දැක්වීමක් ලෙස කතෝලික පියතුමන්ලා, කන්‍ය සහෝදරියන් ඇතුළු පොදු ජනතාව කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට එක්‍ රැස්වී නිහඩ විරෝධතාවයක මේ වන විට නිරතව සිටිති.

 

Search