“මේ රටේ මහජනතාවගෙන් අපි අහනවා ඔබ තවත් රැවටෙනවාද? මේ වෙනකොට අපි විශාල ජන කොටසක් ආමන්ත්‍රණය කරමින් ඉන්නවා. අපි 69ලක්ෂයට
දොස් කියන්නේ නැහැ. ඔවුන්ට අවංක ප්‍රාර්ථනාවක් තිබුණා. සජිත් ප්‍රේමදාසලාට ඡන්දය දුන්නේ මොකක් හෝ බලාපොරොත්තුවකින්. අපි පැහැදිලිව කියනවා ඔබගේ බලාපොරොත්තු බොඳ කරලා තිබෙන්නේ. සජිත ප්‍රේමදාසලාට හිටගන්න අද සටන් පාඨයක් නැහැ. ඒ අයත් ආණ්ඩුවේ කොටසක් වගේ. ඒ නිසාම අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ නැවතත් රැවටෙන්න නම් හදන්නේ ඔබට ඒ අයිතිය තිබෙනවා; නමුත් එහෙම කරන්න එපා මොකද ඔබට තේරුම් ගන්න වසර 73ක කාලයක් දැන් හොඳටම ප්‍රමාණවත්. ඒ භූමිකාව කෙළවර කරමු.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතීඥ සුනිල් වටගල සඳහන් කරයි.
ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.