රු.1,302 වටින පොහොර බෝතලේට රු. 5,230 ක් ගෙවන්නේ ඇයි? (VIDEO)

රු.1,302 වටින පොහොර බෝතලේට රු. 5,230 ක් ගෙවන්නේ ඇයි? (VIDEO)

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ආනයනයේදී වංචාවක් සිදුව නැතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

 

අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මෙහිදී මාධ්‍යවේදියා පෙන්වා දුන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ දියර පොහොර කුප්පියක වටිනාකම ලංකා මුදලින් රුපියල් 1302.18ක් වන නමුත් රජය එය මිලදී ගන්නේ 5230කට බව ය. ඒ අනුව, රුපියල් 3927ක් වැඩිපුර ගෙවා පොහොර මිලදී ගන්නේ රජයට මුදල් වැඩිපුර තියෙන හින්දා දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේ ය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම මිල ගණන් නිවැරදි නොවන බවත් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා පිළිබඳ දැනටමත් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර එම පරීක්ෂණවල ප්‍රගතිය අනුව ඉදිරියේදී සියලුම කරුණු ඉතාම විනිවිද පෙනෙනසුළු ආකාරයෙන් රටට හෙළිකෙරෙනු ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කිසියම් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඒ අමාත්‍යවරයා පැවසුවේ එවන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නොමැති නමුත් දැනටමත් විවිධ පාර්ශ්ව පැමිණිලි ඉදිරිපත් කර ඇති නිසා ඒ සම්බන්ධ පරීක්ෂණ සහ තොරතුරු ඉදිරියේදී රටට පැහැදිලිව හෙළිවනු ඇති බවයි.

Search