රංජන් රාමනායක මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි ඔහු
ඉතා ඉක්මනින් නිදහස් වීම කාගේත් ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අගුනකොලපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායකගේ සුවදුක් බැලීමට අද (26) දිනයේ පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සානුකම්පිත, මානුෂීය සහ සෞඛ්‍යමය කාරණාද මුල්කොටගෙන රංජන් රාමනායක වෙනුවෙන් මැදිහත් වනලෙස විපක්ෂ නායකයා අධිකරණ අමාත්‍යවරයාගෙන්ද ඉල්ලා සිටි අතර ඔහුගේ නිදහස වෙනුවෙන් තමන් කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් එම ඉල්ලීම් ප්‍රකාරව රංජන් රාමනායකගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කඩිනම් තීන්දුවක් ගනු ඇතැයි විශ්වාස කරන බවත් පැවසීය.