අසාද් සාලි ට එරෙහිව අධිචෝදනා භාරදෙයි - සාලි රෝද පුටුවෙන් අධිකරණයට (VIDEO)

අසාද් සාලි ට එරෙහිව අධිචෝදනා භාරදෙයි - සාලි රෝද පුටුවෙන් අධිකරණයට (VIDEO)

මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හරහා ආගම් අතර මතභේදයක් ඇති කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති,

හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (25) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ කැඳවා තිබූ නඩුවේ දී අසාද් සාලිට එරෙහිව අධිචෝදනා බාර දී ඇත.

මෙම නඩුව නොවැම්බර් 02 වැනිදා සිටි විභාග කිරීමට නියමිතය.

Search