ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීම හරහා දැවැන්ත මුල්‍ය වංචාවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
මුජිබර් රහුමාන් පවසනවා.
මෙම වංචාව සම්බන්ධයෙන් අද (25) සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව පැවසී ය.
නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 29 ක් දේශීය නියෝජිත සමාගමට ලබා දී ඇති නමුත් පොහොර ආනයනය සඳහා ඉන්දියානු සමාගමට ගෙවා ඇත්තේ රුපියල් කෝටි 09 ක් පමණක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටින්නේ රුපියල් කෝටි 20 ක් හොරකම් කර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්,