ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ
නායක සජිත් ප්‍රේමදාස අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය විසින් ඊට බාධා පැමිණවීය.
විපක්ෂනායකවරයාට එම ස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.
පොලිස් පරිශ්‍රයට ගොස් ගුරුවරුන් බැලීමට නොදීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (5) පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියේ ය.