මේ මොහොතේ දකින්නට ඇත්තේ කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භය
පමණක් බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
“බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායාලය කළ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් වලින් ලැබෙන්නේ 60%ක ප්‍රතිඵල විතරක් කියලයි. සයිනොෆාම් වල ඊටත් වඩා අඩුයි. අපි දන්නේ නැහැ දැන් මේක පැතිරෙන්නේ කොහොමද කියලා. දැන් තියෙන්නේ හදිසි තත්වයක්”
“මම අගමැතිතුමාට කියන්නේ දැන් ප්‍රසම්පාදන ක්‍රම වලට යන්න එපා. අවශ්‍ය දේ ගන්න තියෙන තැනකින් ගන්න. පාර්ලිමේන්තුවේ අපිට පුළුවන් පස්සේ ඒවා සම්මත කරන්න.
යුද හමුදාවේම ක්ෂේත්‍ර රෝහල් තියෙනව. ටකරන් ගහලා, ඊට උඩින් පොල් අතු දාලා හරි තැන් හදන්න. දැන් මිනිස්සු ඉන්නේ බිම. හමුදාවටයි අපේ ඉංජිනේරු ආයතන වලටයි මේ දේ කිව්වොත් අපිට විගහට මේක කරන්න පුළුවන්. මේක කරන්න ඕනේ දැනටත් ඉස්පිරිතාල තියෙන තැන් වල. අපි කියන්නේ නැහැ වෙන තැන්වල මේක කරන්න කියලා.
මේ කාර්ය සාධක බලකාය තියෙනකන් අපිට තියෙන්නේ බලා ඉන්න විතරයි. මිනිස්සු මැරෙනවා. මේක සිදු වෙන්නේ නැහැ. මම කියන්නේ කැබිනට් මණ්ඩලය මේක අරගෙන කොමිටියක් පත්කරන්න. අපි ඔක්කොම ඒකට උදව් කරන්නන්. නැත්නම් මේක කරන්න බැහැ. දැන් මේක අසාර්ථක වෙලා තියෙන්නේ. මේක පැතිරෙන්නේ මේක පාලනය කරන්න බැරි නිසා. මේක ජාතික ප්‍රශ්නයක්. කොහොම හරි මේ ජීවිත බේරගන්න ඕනේ.”