සමහර ඇමතිලා මුදල් ඇතිපදම් තිබෙන බවට අවශ්‍ය තරම් වියදම් කළ හැකි බවට පුරාජේරු දෙඩෙව්වත් අපේ රටේ ආර්ථිකයේ පතුල වේගයෙන් කඩා වැටෙමින් පවතින
බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
රට විශාල ඩොලර් හිඟයකට මුහුණ දී ඇති බවත් ආණ්ඩුවක් ලෙස වියදම් කළමණාකරණය කර ආදර්ශයක් ලබාදිය යුතු බවත් අද (3) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.